-
නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටියෙමි.
නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය, ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.
යෙසායා 43:2
-
තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි,
නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ
කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
උත්පත්ති 12:3
-
නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.
ගීතාවලිය 91:10
-
සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය,
යටින් සදාකාල හස්තයෝ නුඹ දරා සිටින්නෝය.
නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා,
ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.
ද්විතීය කථාව 33:27
-
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා උදෙසා යුද්ධ කරන්නේ උන්වහන්සේය, එබැවින් නුඹලාගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය.
යෝෂූවා 23:10